පින්බර පොසොන් පොහොය අදයි !
Tuesday, 10 June 2025 - 6:22 | Views - 310
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (10) ට යෙදී තිබෙනවා. 
 
ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා. 
 
එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වූවා. 
 
එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත්
 
 ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා. 
 
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය (පොසොන් පොහොය දිනය, පොසොන් උත්සවය) ක්‍රි.පූ. 3 වන සියවසේ දී ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීම සමරනු ලබන අතර එය දිවයින පුරා බෞද්ධයන් විසින් සමරනු ලබන ඓතිහාසික හා ආගමික වැදගත්කමකින් යුත් උත්සවයක්. 
 
ජුනි මස පුර පසළොස්වක පොසොන් පොහොය වසර 2000කට පෙර ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළඳගත් අවස්ථාව සිහිපත් කරනවා. 
 
සැමරුම් උත්සවයේ ප්‍රධාන මධ්‍යස්ථානය මිහින්තලය වන අතර, රාජකීය මිෂනාරි භික්ෂුව මිහිඳු මාහිමියන් පාලක රජුට ප්‍රථම ධර්ම දේශනය කළ පුරාණ ආරාම සංකීර්ණය වන අතර විශාල වන්දනාකරුවන් පිරිසක් රැස්වන පුරාණ අගනුවර වන අනුරාධපුරයේදීයි. 
 
බෞද්ධයන්ට මෙම උතුම් පොසොන් දිනය වැදගත්කම අතින් දෙවැනි වන්නේ වෙසක් දිනයට පමණයි. 
 
දිවයින පුරා පොසොන් උත්සවය සමරනු ලැබුවද, ප්‍රධාන උත්සව අනුරාධපුරයේ සහ මිහින්තලේ දක්නට ලැබෙනවා. මේ අතර, මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන සම්බුදු පා පහසින් පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී අද දිනය පුරා පැවැත්වෙනවා. 
 
සිරිලකට සම්බුදු දහම උරුම වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මතයි ''ශ්‍රද්ධාභිවන්දනා'' මහා පුණ්‍යකර්මය ක්‍රියාත්මක වන්නේ. 
 
පුරා දශකයක් මුළුල්ලේ මේ දක්වා කුල දරුවන් 200කට අධික සංඛ්‍යාවක් සසුන්ගත කරමින් එම සාමණේර හිමිවරුන්ගේ ගිහි භාරකාරිත්වය ද දරනා හිරු මෙවරත් එම උත්තුංග මෙහෙවරට උර දෙන්නේ සම්බුදු සසුනේ චිර පැවැත්ම ඒකායන අරමුණ කරගනිමින්. 
 
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත 12 වැනිවරටත් “හිරු ශාසනාවතරණය“ මෙවර සුවිශේෂී පියවරක් තබන්නේ එදා දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේගේ චීවර වර්ණයෙන් බැබළුණු ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථාන පුණ්‍ය භූමියේදීයී. 
 
හිරු ශාසනාවතරණය මහා පිංකමෙන් මෙවර කුලදරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරෙන අතර උන්වහන්සේ සියලු‍ දෙනාගේ අධ්‍යාපනික කටයුතු සුපෝෂණය කිරීම ද හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සමගාමීව සිදුකෙරෙන මහඟු‍ පුණ්‍යකර්මයක්. 
 
එලෙස සඟ සසුනට පූජා කෙරෙන කුලදරුවන් 15 දෙනාගේ අතපැන් වත් කිරීමේ චාරිත්‍රය කැලණිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී ඊයේ පස්වරු 3.33ට යෙදෙන සුබ මොහොතින් සිදුකළා. 
 
මෙවර හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සමගාමීව ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථාන පුදබිමට වැඩම කරන දහසක් වූ භික්ෂූන් වහන්සේ විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව ද අද පිරිනැමෙන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අසමසම මහා දාන පාරමිතාව ද සනිටුහන් කරමින්. 
 
එමෙන්ම, අද දිනය පුරා හිරු ශ්‍රද්ධාභිවන්දනා උතුම් පුණ්‍යකර්මයට සමගාමීව ඓතිහාසික කැලණිය ‍රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් ද පැවැත්වෙනවා. 
 
ඒ අනුව පුෂ්ප පූජාව, ශබ්ද පූජාව සහ රටට සහ ජාතියට සෙත් පතා මහා අධිෂ්ඨාන පූජාව ද කැලණිය පින්බිමේදී පැවැත්වීමට නියමිතයි. 
 
එමෙන්ම සම්බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් ඓතිහාසික කැලණිය රජමහා විහාස්ථානයේ චෛත්‍ය රාජයාණන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ්වර්ණ ආලෝකයෙන් බබළවන උතුම් ආලෝක පූජාව ද අද පැවැත්වෙනවා. 
 
කැලණිය රජමහා විහාස්ථාන පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා පින්කම් මාලාව සියැසින් දැක කුසල් සිත් උපදවාගැනීමට සැදැහැ සිතින් එක්වන ලෙසට පින්බර ඔබ සැමට ආරාධනා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top