දාහය නිවන ඔසු , කාන්තාවන්ට විශේෂයි..
Monday, 09 June 2025 - 13:19 | Views - 335
සමහර දවස්වලට පරිසරයේ දරාගන්න අපහසු රස්නයක් දැනෙනවා නේද ? 
 
පරිසරයේ උණුසුමත් එක්ක සිරුරේ උෂ්ණාධික බවත් එකතු උනාම අපහසුතා ගොඩකට මුහුණ පාන්න වෙනව.
 
ශරීරයේ අභ්‍යන්තරික දෝෂයක් හේතුවෙන් සෑදෙන ශාරීරික උෂ්ණාධිකම මෙන්ම අප බාහිරව ගන්නා ආහාර හෝ ඖෂධ හේතුවෙන් ඇතිවන ඌෂ්ණාධිකම ලෙස ඌෂ්ණාධිකමෙහි ආකාර දෙකක් හඳුනාගත හැකිය.
 
බොහෝ ස්ත්‍රී රෝග ඇති වීමට මූලිකවම බලපාන්නේ මෙම ඌෂ්ණාධිකමයි.
 
ඌෂ්ණාධිකම (දාහය) නිසා ඇති වන රෝග
 
අධික දාහය දැමීම
 
යටිපතුල් වේදනාව, දැවිල්ල
 
මුහුණේ ලප, බිබිළි හට ගැනීම
 
අතපය රුදාව, හිරිය
 
බඩේ ගෙඩි හට ගැනීම
 
ඌෂ්ණාධිකම නැතිකර ඇඟ සිසිල් කරන ආහාරපාන :-
 
නෙල්ලි, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න.
 
හාතවාරිය අල, ඉරමුසු, සැවැන්දරා තැම්බූ වතුර පානය කරන්න.
 
කටු කරෝසන, කොත්තමල්ලි, රසකිඳ, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න.
 
ඉරමුසු, අශෝක පොතු, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න.
 
බාර්ලි හා සව් මිශ්‍ර කැඳ පානය කරන්න.
 
රණවරා සහමුලින් ගෙන තම්බා එම වතුර පානය කරන්න.
 
ඉඟිනි ඇට, සුදුහඳුන්, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න.
 
ඉඟිනි ඇට, හාතවාරිය අල, සුදුහඳුන්, ඉරිවේරිය තැම්බූ වතුර පානය කරන්න.
 
අරළු, බුළු, නෙල්ලි, සුදුහඳුන්, රසකිඳ, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න.
 
රත්හඳුන්, හාතවාරිය අල, රසකිඳ, කොල්ලු තැම්බූ වතුර පානය කරන්න.
 
කොහොඹ පොතු, දුම්මැල්ල, අරළු, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න.
 
අමු නෙල්ලි ගෙඩි 06 ක් ගෙන තලා යුෂ ගෙන උණුකරන ලද එළකිරි කාලක් සමඟ හොඳින් කලවම් කර ඉදුණු අළුකෙසෙල් ගෙඩියක් පෙති ගසා සූකිරි කුඩු අවුන්සයක් ද, මීපැණි අවුන්සයක් ද දමා කලවම් කර ටික ටික ආහාරයට ගන්න.
 
පොල්පලා කැඳ සාදා ආහාරයට ගන්න.
 
නීරමුල්ලිය කැඳ සාදා ආහාරයට ගන්න.
 
වැල්පෙනෙල කැඳ සාදා ආහාරයට ගන්න.
 
පතෝල ආහාරයට එක්කරගන්න.
 
වැටකොළු ආහාරයට එක්කරගන්න.
 
කතුරුමුරුංගා ආහාරයට එක්කරගන්න.
 
ගැටපොලොස් ආහාරයට එක්කරගන්න.
 
කොහිල අල ආහාරයට එක්කරගන්න.
 
කිරිඅගුණ ආහාරයට එක්කරගන්න.
 
පිපිඤ්ඤා ආහාරයට එක්කරගන්න.
 
අලුත් එළවළු සමඟ හතු එකතුකර සුප් සාදා ආහාරයට ගන්න.
 
අමු නෙල්ලි ආහාරයට එක්කරගන්න.
 
බත් කැඳ දිනපතා උදේට ආහාරයට ගන්න.
 
( මෙයට සුදුළූණු හා ඉඟුරු කැබැල්ලක් කපා දැමිය හැකි නම් කුඩා ළමයින්ට ඉතා ගුණදායකය.)
 
මුං ඇට තම්බා එහි වතුර පානය කරන්න.
 
උපුටාගැනීමක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top