මෙදා සැරේ පොසොන් පෝයට මෙන්න හැමතැනම දන්සැල්
Monday, 09 June 2025 - 8:58 | Views - 325
 
පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් ඊයේ දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
 
දන්සල් 98 ක් මිහින්තලේ පුදබිම ආශ්‍රීතවත් දන්සල් 193 ක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රීතව ලියාපදිංචි වී ඇතැයිද එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සදහන් කළා.
 
දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා ඇතැයි ද ඔහු සඳහන් කරනවා.
 
දන්සල් වලින් වැඩි ප්‍රමාණයක් උතුරු මැද පලාතේ ලියාපදිංචි වී ඇති බැවින් එම ප්‍රදේශයේ දන්සල් පරීක්ෂාවට වැඩි නිලධාරීන් පිරිසක් යොදවන බවත් ඔහු සදහන් කළා.
 
දන්සැල් පැවැත්වීමට පෙර ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවත් ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සූදානම් බවත් පවසන ඔහු සදහන් කරන්නේ.
 
දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් පොසොන් පොහොයට පෙර දින දන්සල ලබාදෙන අවස්ථාවේදී සහ දන්සල දී අවසන් වූ විට අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරන බවයි.
 
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ද ඔහු ඉල්ලා සිටිනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top