පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් ඊයේ දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
දන්සල් 98 ක් මිහින්තලේ පුදබිම ආශ්රීතවත් දන්සල් 193 ක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රීතව ලියාපදිංචි වී ඇතැයිද එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සදහන් කළා.
දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා ඇතැයි ද ඔහු සඳහන් කරනවා.
දන්සල් වලින් වැඩි ප්‍රමාණයක් උතුරු මැද පලාතේ ලියාපදිංචි වී ඇති බැවින් එම ප්‍රදේශයේ දන්සල් පරීක්ෂාවට වැඩි නිලධාරීන් පිරිසක් යොදවන බවත් ඔහු සදහන් කළා.
දන්සැල් පැවැත්වීමට පෙර ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවත් ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සූදානම් බවත් පවසන ඔහු සදහන් කරන්නේ.
දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් පොසොන් පොහොයට පෙර දින දන්සල ලබාදෙන අවස්ථාවේදී සහ දන්සල දී අවසන් වූ විට අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරන බවයි.
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ද ඔහු ඉල්ලා සිටිනවා.