උඩුගුවනේ පියාසැරියට එක්වුණු අලුත්ම හැඩකාරයා..
Wednesday, 04 June 2025 - 16:48 | Views - 195
මේ කියන්න යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වුණු අලුත්ම හැඩකාරයා ගැනයි.. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) උදෑසන සම්ප්‍රාප්ත වී තිබුණා..

මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ( Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය ලැබුණා..

මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව , පානදුර , මොරටුව ඔස්සේ , එම ප්‍රදේශ වල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීම සදහා අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබූ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute ) පවත්වා , පිළිගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත , රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද සම්ප්‍රාප්ත වුණා..

මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර , ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වන අතර , ඉතිරි 13 පටු බද සහිත ( Narrow Body ) ගුවන් යානා වන අතර , තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළා..

මෙම නවතම ඒ.- 330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class ) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන ( Business Class )18 කින් සමන්විත වෙනවා..

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් හැංගරය වෙත පැමිණීමෙන් පසුව , සර්ව ආගමික ආශීර්වාද කිරීම සදහා ආගමික පූජකවරුන් ගුවන් යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කළා..

මෙම නව ගුවන් යානය පැය 04 කට වඩා කාළය වැය වන ඕස්ට්‍රේලියාව , ලන්ඩන් , පැරිස් , ෆෑන්ක්ෆර්ට් , මැදපෙරදිග චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතයි..

මෙම ගුවන් යානය පිළිගැනීමට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සග ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම යන පිරිස ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top