රාජ්‍ය සේවකයින්ට මුඛ ආවරණ පළඳින්නැයි දැනුම්දීමක්..
ඔබත් රාජ්‍ය ආයතනයක සේවය කරන අයෙක්ද..?
එහෙම් මේ විශේෂ පණිවිඩය ඔබට වැදගත් වේවි..
දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා තිබෙනවා..
එවැනි පසුබිමක කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත්තේ..
මේ බව දැනුවත් කරමින්, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) බී.එන්.දම්මින්ද කුමාරගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..