ගැරඩිඇල්ල මාරක බස් අනතුරේ පොලිස් වාර්තාව මේ සතියේ එළියට..
Tuesday, 03 June 2025 - 9:32 | Views - 208
 
 
හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනයට එක් කර ඇති බස්රථ 34ක ධාවනය තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා නියෝග කර තිබෙනවා.
 
ඒ, මෝටර් රථ පරීක්ෂකවරුන් සහ හැටන් මූලස්ථාන පොලිසිය එක්ව ඊයේ සිදුකළ හදිසි පරික්ෂවකින් අනතුරුවයි. 
 
එහිදී බස්රථ 45ක් පරික්ෂාවට ලක් කළ අතර, ඉන් රථ 15ක් සහ පෞද්ගලික බස් රථ 19කට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරිමටයි පියවර ගත්තේ. 
 
බස්රථ වල මගීන්ට පවතින අපහසුතා සහ වේග සීමා මෙන්ම, දිසාව පාලනයට පවතින දුර්වලතා සැළකිල්ලට ගෙන මෙලෙස තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
 
ඒ අනුව, අදාළ බස් රථ වල පවතින දුර්වලතා මසක් ඇතුළත අලු‍ත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාට යොමු කළ යුතු අතර එසේ සිදු නොකරන බස්රථ වලට නඩු පැවරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. 
 
මෙම පරික්ෂාවේදි ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම රථ රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 
 
මේ අතර පුද්ගලයන් 23 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ - ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුර සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවල වාර්තාව මෙම සතියේදී පොලිස්පතිවරයාට භාරදීමට නියමිතයි. 
 
මේ සඳහා විමර්ශනයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top