දකුණු කොරියානු ජනාධිපතිවරණය ඇරඹේ
Tuesday, 03 June 2025 - 8:34 | Views - 284
දකුණු කොරියානු ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. 
 
ඒ, හිටපු ජනපති යූන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට වෙනුවෙන්. 
 
ව්‍යවස්ථානුකූලව එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 වසරේදී වුවද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැය 6කට ආසන්න කාලයක් යුද නීතිය පැනවීමේ සිද්ධිය මුල් කරගනිමින් යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා. 
 
මත විමසුම්වලට අනුව ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 6 දෙනා අතරින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ඊ චේ මියොන්ග් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස ජනතා බලය පක්ෂයේ අපේක්ෂකයා වන්නේ කිම් මූන් සූයි. 
 
දකුණු කොරියාවේ 21 වන ජනාධිපතිවරණය සඳහා ජන්දදායකයින් හාර කෝටි 43 ලක්ෂ 91,871 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top