ලබන දෙවැනිදා සිට ජාතික බදු සතියක්..
ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ලබන 02වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික බදු සතියට වෙන් කර තිබෙනවා.
රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර සඳහන් කළේ, මෙමගින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.
එසේම, රේගුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.
තවද , ජාතික බදු සතිය ලබන සඳුදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට නියමිතයි.