පදික මාරු රාත්‍රියේ ආලෝකමත් වෙන්නයි යන්නේ..
පදික මාරු රාත්‍රි කාලයේ අලෝකමත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කළමණාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කේ.චන්ද්‍රකුමාර සඳහන් කළේ, පළමු අදියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
මේ තුළින් රාත්‍රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන්ට හොඳින් දර්ශනය වන අතර එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවද මෙහිදී සඳහන් වුණා.
මේ වනවිටත් කුරුණෑගල ගාල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර තිබෙනවා.