රුපියල් ලක්ෂ10ක් දක්වා නිවාස ආධාර..
අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසනවා.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් සඳහන් කළේ, රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙන බවයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.