හැරී පෝටර් කතාමාලාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය
Wednesday, 28 May 2025 - 7:19 | Views - 413
ලොවපුරා ළමා වඩිහිටි අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සෙ නිශ්පාදනය වන Harry Potter රූපවාහිනි කතාමාලාව සඳහා එහි ප්‍රධාන චරිත ත්‍රිත්වය වන හැරී පෝටර්, හර්මියොන් ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා ළමා නලුවන් තෝරාගෙන තිබෙනවා. 
 
ඒ අනුව හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වනු ඇති.
 
 මෙම ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා නලු නිලියන් 32,000 පමණ අධික ප්‍රමාණයක් තිර පරීක්ෂණවලට සහභාගී වීමෙන් තෝරාගෙන තිබීම විශේෂත්වයක්. 
 
තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිත අතර වොල්ඩර්මෝට් චරිතය සඳහා තවමත නළුවෙකු තෝරාගෙන නැහැ. 
 
J.K. රොව්ලින්ග් විසින් රචිත මෙම පොත්මාලාවේ මුල් පොත් 7ට අනුකූලව, එක් පොතකට එක් කතාසමය බැගින් ලෙස, වසර 10ක් පුරා දිවයන ලෙස සැලසුම් කර තිබෙනවා.
 
මෙම කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා Mark Mylod වන අතර Waer Bros. Studios විසින් පෙර චිත්‍රපට මෙන්ම මෙයද නිශ්පාදනය කරනු ලබයි. 
 
තවද J.K. Rowling මෙම ව්‍යාපෘතියේ විධායක නිෂ්පාදිකාව ලෙස ක්‍රියා කරන අතර මෙහි පළමු කතා සමය 2027 වසරේ නිකුත්වීමට නියමිතයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top