"ඇයට තිබුණා පුදුමාකාර චිත්ත ශක්තියක්.." නිළි රැජි‍ණ මාලනීගේ වෛද්‍යවරයා ඇය ගැන මතකය අවදි කළේ මෙහෙමයි..
Tuesday, 27 May 2025 - 15:23 | Views - 276
 
මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයෙන් පෙළුනද , ඒ හේතුවෙන් ඇය කිසිම විටෙක කඩා නොවැටුණු බවද , ඒ සියලු දේට ඇය ශක්තිමත්ව සිනහා සී මුහුණ දුන් බවද ඇයගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කරනවා.

එසේම, මාලනී ෆොන්සේකා මහත්මිය සිය රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් ආකාරය අති විශිෂ්ට මෙන්ම සැමට ආදර්ශයක් බව ද පැවසූ හෙයියන්තුඩුව මහතා ඇය ඉතා නිර්භීත කාන්තාවක බවටද සඳහන් කළා.

තවද , මාලනී මහත්මිය රෝගී තත්වයේ පසුවෙද්දී වුවද , වකුගඩු නිවාරණ සංගමය සමඟ එක්ව සමාජ සුබසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් ඉෂ්ඨ කළ අයෙක් බවද එය ඉතා ඉහළින්ම අගය කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරනවා.

වකුගඩු සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ වකුගඩුව පුවත්පත, එසේම එංගලන්තයේ දායාද සංගීත ප්‍රසංගය ප්‍රවර්ධනයටද ඇය අසනීප තත්ත්වය නොබලා උදව් උපකාර කළ බවද කි ඒ මහතා මතකයට නැගූ අතර, ආගමික වැඩසටහන් වලට උදව් උපකාර කළ ආකාරය ගැනද මතකද අවධි කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top