තෙල් සහ වියළි සම පැහැපත් කරන ආලේපන වට්ටෝරු කිහිපයක්
Wednesday, 19 April 2017 - 10:19 | Views - 37,639
මේ කාලයේ තරුණියන් ගොඩක් කැමති සුදු වෙන්න. ඒක දැන් රැල්ලක් බවට පත්වෙලා කිව්වොත් නිවැරදියි. ඒත් ඒකට යොදාගන්නා ක්‍රම මගින් තමුන්ගේ සමේ මෙලනින් අඩුවෙලා අතුරු ආබාධ ඇතිවෙන බව ගොඩක් තරුණියන් දන්නේ නෑ.

තමන්ගේ සම සුදු කරගන්නවාට වඩා තරුණියන් සිතිය යුත්තේ නීරෝගීමත් හා පැහැපත් සමක් තමන්ට ලබාගත හැකි ආකාරයක් ගැනයි.

පැහැපත් සමක් කියන්නේ පැල්ලම් රහිත පැහැදිලි සමක්. ඒ විදියට පැහැදිලි සමක් ලබාගන්න තමන්ගේ සමට ගැලපෙන ඒ කියන්නේ වියළි සමකට හෝ තෙල් සහිත සමකට ගැලපෙන විදියට ෆේස් පැක් එකක් සතියකට වරක් දාගන්න පුළුවන්නම් සමේ නීරෝගී බවට එය වැදගත්.

ඔබට ඇත්තේ වියළි සමක් නම්,

පළමු ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය:

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
මී පැණි තේ හැන්ඳක්
ඔලිව් තෙල් තේ හැන්ඳක්

සාදාගන්නා ආකාරය:

කුඩා භාජනයක් ගෙන එයට කෙසෙල් ගෙඩිය දමා හොඳින් පොඩි කරගන්න. ඊට පසු එයට මී පැණි හා ඔලිව් තෙල් එක් කරගෙන මිශ්‍ර කරගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් ආලේපනය මුහුණේ ආලේප කර මිනිත්තු 10-20ක් අතර ප්‍රමාණයක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න.

මෙම පැක් එකෙන් ඔබේ සමේ වියළි බව පාලනය කර සමට මෘදුබවක් ගෙන එනවා.

දෙවන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය:

කොකෝවා තේ හැඳි බාගයයි
පොල්කිරි තේ හැඳි දෙකයි
කඩල පිටි තේ හැඳි එකයි
මී පැණි තේ හැඳි බාගයයි

සාදාගන්නා ආකාරය:

කුඩා භාජනයක් ගෙන එයට කොකෝවා, පොල්කිරි, කඩල පිටි හා මී පැණි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් ආලේපනය මුහුණේ ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න.


ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්,

පළමු ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය:

කඩල පිටි මේස හැඳි 3
මී කිරි මේස හැඳි 1

සාදාගන්නා ආකාරය:

භාජනයක් ගෙන එයට කඩල පිටි හා මී කිරි එක්කර හොඳින් මිශ්‍ර කරගෙන තලපයක් සාදාගන්න.

භාවිතා කරන ආකාරය:

මෙම ආලේපනය මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මෙම පැක් එකෙන් ඔබේ තෙල් සහ කුරුලෑ සහිත සමට නැවුම් බවක් ගෙන එනවා

දෙවන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය:

සූරාගත්ත පිපිඤ්ඤා මද
දොඩම් යුෂ තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්

සාදාගන්නා ආකාරය:

භාජනයක් ගෙන එයට සූරාගත්ත පිපිඤ්ඤා මද සමඟ දොඩම් යුෂ හා මී පැණි මිශ්‍ර කරගන්න.

භාවිතා කරන ආකාරය:

මෙම ආලේපනය මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top