දුම්රිය ප්රමාදයක්..
මුහුදුබඩ සහ කැළණිවැලි මාර්ගවල දුම්රිය ප්රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසනවා.
ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනුයි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදය හටගෙන ඇත්තේ.
එමෙන්ම අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියක් පීලිපැනිම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ ද දුම්රිය ප්රමාදයක් හටගෙන තිබෙනවා.