"සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින්..." හෙළ සිනමාවේ රැජින මාලනී, දිවි රඟ මඩලින් බැස යයි...
ඇය නැති අඩුව සිංහල සිනමාව තුළ කවදා නම් සම්පූර්ණ වේවිද..?
දශක ගණනක ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක නියෝජනයක් වූ හෙළ සිනමාවේ නිළි රැජිණ යන නාමයෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා අද සිය ජීවන රඟමඩලට සමුදී තිබෙනවා...
මිය යන විට හැත්තෑ අටවැනි වියෙහි පසුවනු ඇය කලක් රෝගාතුරව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියා...
ලාංකේය සිනමාවට මිණි පහනක් බඳු වූ හෙළයේ මහා කලාකාරිනිය මාලනී ෆොන්සේකා හට උතුම් නිවන් සුව අත්වේවා...!