වැඩිවන විදුලි බිලට සාපේක්ෂව, ජල බිලත් වැඩිවන ලකුණු
Thursday, 22 May 2025 - 11:34 | Views - 411
 
විදුලි බිල වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල බිලද සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 
 
මේ වනවිටත් ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 
 
එසේ වුවහොත් සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට ඊට අනුමැතියද ලබා ගැනීම සිදුවන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ. 
 
මේ අතර, මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම හෙට ආරම්භ වනවා. 
 
මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ, එය ලබන මස 03 වනදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි සිදුවන බවයි.
 
ජූනි මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු  සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට පසුගියදා යොමු කර තිබුණා. 
 
ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැළපීමක් සිදුකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි.
 
ඒ අනුව මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ ඒකක බින්දුවේ සිට 30 දක්වා රුපියල් 04ක්ව පැවති ඒකක ගාස්තුව රුපියල් 4.75 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. 
 
රුපියල් 75ක්ව පැවති එහි ස්ථාවර ගාස්තුව රුපියල් 90 දක්වා රුපියල් 15 කින් ඉහළ නැංවීමටද යෝජිතයි.
 
එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකක මිල රුපියල් 06 සිට රුපියල් 7 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට 235 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා වී තිබෙනවා. 
 
මාසික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 60 ඉක්මවන ගෘහස්ථ කාණ්ඩයේ ඒකක බින්දුවේ සිට 60 දක්වා ඒකකයක මිල රුපියල් 11 සිට රුපියල් 13 දක්වා ඉහළ නැංවීමට ද විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.
 
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක්ව පැවති ඒකක මිල රුපියල් 16.60 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත්තේ එහි ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 475 දක්වා ඉහළ දමමින්. 
 
මීට අමතරව කර්මාන්ත, හෝටල් හා රාජ්‍ය හා පොදු ආයතන සඳහා වන විදුලි ගාස්තු ද ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
 
ඊට අමතරව වීදි ලාම්පු සඳහා ඒකකයකට අයකළ රුපියල් 45ක ගාස්තුව රුපියල් 53.25 දක්වා ඉහළ දමා ඇති අතර ආගමික සිද්ධස්ථාන සහ පුණ්‍ය ආයතන සඳහාද මෙවර විදුලිය ගාස්තු සංශෝධයෙන් ගාස්තු ඉහළ දැමීමටයි මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
 
මේ අතර විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට ද යොමුකළ හැකියි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top