ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි..
Thursday, 22 May 2025 - 10:07 | Views - 344
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා. 
 
1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වෙනවා.. එය මෙරට ඉතිහාසයේ වැදගත් ම සන්ධිස්ථානයක් වන අතර වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමිවී තිබෙනවා..
 
ඉංග්‍රීසීන් විසින් ගෙනගිය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ජාතිකවීරයන් මෙහෙයවන ලද නොනිමි අරගල හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අවස්ථා කිහිපයකදීම සිදුකෙරුණ ද ජාතික නායකයින් අපේක්ෂා කළ අරමුණු ඒවායින් ඉටු නොවූයෙන් මවු බිමට නිදහස පතා ජාතික නිදහස් ව්‍යාපාර තවදුරටත් දියත් වුණා... මෙම නිදහස් ව්‍යාපාරවල සහ ඒවායේ පුරෝගාමී ජාතික විරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වනදින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවුණා..
 
ජාතියේ පියා ලෙස හඳුන්වනු ලබන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී චරිතයක් වූ අතර, 1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර තවදුරටත් ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයායි..
 
එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුණේ එංගලන්තයේ ආයතනයන්ටයි.. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැහැ... විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුයි.. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටයි...
 
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි.. ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය සහ එතුමිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගින්...
 
එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් වුණා... එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි වී තිබෙනවා..
 
මෙම සුවිශේෂී ජයග්‍රහණය සිහිපත් කරමින් 1972 වසරට පසු වසරවලදී මැයි මස 22 වන දින ජනරජ දිනය, රාජ්‍ය උත්සවයක් වශයෙන් ඉමහත් උත්සවශ්‍රීයෙන් සමරණ ලද අතර මේ වනවිට රාජ්‍ය මට්ටමෙන් එම සැමරුම උත්සවාකාරයෙන් නොපැවැත්වීමත් විශේෂත්වයක්..
 
අන්තර්ජාලය ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top