ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු රක්ෂිත බන්ධනාගාරයට...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සැකකාර වෙඩික්කරු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමටද කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි නියම කළා.
එසේම, එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතයි.
රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මත කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා.