අදින් පස්සේ ආයෙත් රස බලන්න පුළුවන්..
කර්මාන්තකරුවන් සඳහා ආනයනය කළ පළමු ලුණු මෙට්‍රික් ටොන් 30,000ක තොඟය අද (21) මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ, අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
පසුගිය මාර්තු 15 වැනිදා සිට හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම යන ලුණු ලේවායන්වලින් ප්‍රමාණවත් පරිදි අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් රටතුළ ලුණු හිඟයක් මතුව ඇති අතර මේ සමග ලුණු කිලෝවක මිල ද රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.