Banu Mushtaq විසින් රචිත ''Heart Lamp'' කෘතිය 2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනා ගනී..
ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචිත "Heart Lamp" නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත මෙයයි.
එමෙන්ම Heart Lamp හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.
1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් Heart Lamp, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.