වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්රදේශයේ නිවසක සිටි දැරියකට ඊයේ (20) සවස් කාලයේ දී විදුලි සැර වැදී මියගොස් ඇති බව වෙලම්බොඩ පොලිසිය සඳහන් කරනවා.
මියගිය දැරිය වයස අවුරුදු 11ක් වූ කෝවිල්කන්ද, වට්ටප්පොල ප්රදේශයේ පදිංචි දැරියක්.
මෙලෙස මියගිය දැරිය නිවසේ ස්ලැබ් එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති බවත්, ස්ලැබ් එක මතට රිලවුන් පැමිණෙන නිසාවෙන් විදුලි කම්බි ඇද තීබී ඇති අතර එහිදී දැරියට විදුලි සැර වැදී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වෙලම්බොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.