සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ලබාදීම අද සිට නවතී..
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බව.
කම්කරු දෙපාර්තමේන්තුව සපයන සේවා සපයන සේවක අර්ථසාධක පරිගණක දත්ත හදිසි හදිසි නඩත්තු කටයුතු සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව සේවක අර්ථසාධක පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතනය ලියාපදිංචි කිරීම සහ බී කාඩ් සකස් කිරීම දිවයිනපුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව ඇත.
අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකයට දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.