ශ්‍රේෂ්ඨාධිකරණ සේවාවන්ටත් "GovPay" ක්‍රමවේදය යොදාගැනීමට සූදානමක්..
ශ්‍රේෂ්ඨාධිකරණ සේවාවන්ටත් "GovPay" ක්‍රමවේදය යොදාගැනීමට සූදානමක්..
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මුදල් ගෙවීමේ කටයුතු, 'GovPay' ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය සමග එක් කිරිම අද සිදු කෙරුණා.
ඒ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයේදීයි.
මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු ගොනු කිරිම, වන්දි ලබා ගැනීම, සහතික කළ පිටපත් ලබා ගැනීම, දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු සේවා සදහා ගෙවීම් සිදු කළ හැකි වනවා.
මීට පෙර රාජ්‍ය ආයතන 16ක් තුළ 'GovPay' ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කෙරුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කිරිමෙන් භෞතික මුදල් ගණුදෙනුව අවසන් වීම, දිගු පෝලිම් ,පෝරම පිරවීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අවසන් වනු ඇති බවයි අගවිනිසුරුවරිය එහිදි සදහන් කළේ.