වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19, 900 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,178 වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 640 ක්.
රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 386 දෙනෙකු සොයාගෙන ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 07 ක්ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කරන බව කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.