ලුණු හිඟයක් ? පිටකොටුවෙත් නෑ , සුපිරිසැල්වලත් නෑ..
Thursday, 15 May 2025 - 8:21 | Views - 280
 
වෙළෙඳපොළේ ලුණු හිඟයක් පවතින බවට වාර්තා වනවා. 
 
ප්‍රසිද්ධ වෙළෙඳපලක් වෙන පිටකොටුවෙ මෙන්ම , සුපිරිසැල්වලත් ලුණු හිඟයක් පවතින බවයි සඳහන් වන්නේ.
 
කෙසේ වෙතත්, ආනයනය කළ ලුණු තොගයක් ඉදිරි සති දෙක තුළ දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසනවා.
 
එහි සභාපති ඩී. නන්දනතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, පසුගිය මාර්තු 15 වැනිදායින් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලු‍ණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බවයි.
 
මෙවන් පසුබිමක ලංකා ලුණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලු‍ණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබුණා.
 
මේ දිනවල වෙළෙඳපොළේ ලු‍ණු මිල ද වැඩි වී ඇති බවටයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top