රන් මිලෙහි වෙනස දැනගන්න..
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය ඊයේ (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඊයේ රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.
එය පසුගිය (08)වෙනිදා සටහන් වුණේ රුපියල් 1,023,227ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එහි අගය රුපියල් 264,750ක් ලෙස සටහන් වු අතර,
කැරට් 22 රන් ග්රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවත් ,
කැරට් 24 රන් ග්රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් සඳහන් වනවා.