ගුවන් හමුදාවේ පුහුණු සැසියක් අතරතුර හෙලිකොප්ටර් යානයක් මාදුරුඔයට කඩා වැටෙයි..
update
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ ගුවන් හමුදාපතිවරයා විසින් මෙලෙස 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.
මෙම බෙල් 212 යානය අද (09) උදෑසනයි මෙසේ කඩා වැටුණේ.
යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළු 12 දෙනාම බේරාගෙන ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඒ අතරට යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් 6 දෙනෙකු ද ඇතුළත්.
ඒ සිදුවීම ගැන තවමත් බොහෝ දෙනෙක් කම්පනයෙන්..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයේදී කඩා වැටී ඇති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරනවා..
එම යානයේ සිටි නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට ගත් බවයි ගුවන් හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ...