-Recovered-Recovered.jpg)
ඒ අනුව අමෙරිකාවේ Robert Prevost 267 වන පාප් වහන්සේ ලෙස තේරී පත්ව ඇති බව සඳහන්.
Robert Prevost 14 වැනි ලියෝ ලෙස නම තෝරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලොවක් බලා සිටි සුබ පණිවුඩය සමගින් මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.40ට පමණ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුණා.
ඒ නව පාප් වහන්සේ කෙනෙකු තෝරාගත් බවට සංඥා කරමින්.
ඒ අනුවයි හෝරාවක් වැනි කාලයක් ඇතුළත නව පාප්වරයෙකු තෝරා පත්කර ගත්තේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව ලොව පුරා බිලියන 1.4ක් වූ කතෝලික වැසියන් වෙනුවෙන් නව පාප්වහන්සේ තෝරාපත්කර ගැනීමේ රහසිගත ඡන්ද විමසීම වනිකානයේ සිස්ටීන් දේවස්ථානයේදී ආරම්භවුණා.
ඒ ලොවපුරා සිටින කාදිනල්වරුන් 133 දෙනෙකුගේ සහභාගිත්වයෙන්
කෙසේ වෙනත් පළමු දිනයේ රහස් ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරාපන් කර ගැනීමට අපොහොසත් වූ බවට පෙන්නුම් කරමින් මෙරට වේලාවෙන් අළුයම 12.30ට පමණ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් කලු පැහැති දුමාරයක් පිටව ගියා.
නව පාප් වහන්සේගේ තෝරාපත් කර ගැනීමේ අවස්ථාව දැක ගැනීම විශාල කතෝලික බැතිමතුන් පිරිසක් එම අවස්ථාවේ සාන්ත පීතර චතුරස්‍රයේ රැඳී සිටියා.
නව පාප් වහන්සේ තෝරාපත් කර ගැනීමේ දෙවන දිනය වූ අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා 4ක් ක්‍රියාත්මක වූ අතර උදෑසන ඡන්ද විමසීමේදී ද නව පාප්වහන්සේ තෝරාපත් වීම සිදුවුණේ නැහැ
එය සංකේතවත් කරමින් සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් පිටව ගියේ ද කලු පැහැති දුමාරයක්.
2013 වසරේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැති රහස් ඡන්ද විමසීම දින දෙකක කාලයක් පැවැති අතර ඊට ඡන්ද විමසීම් 5 ක් අන්තර්ගත වුණා.
20 වැනි සියවසේ ආරම්භයේ සිට පැවැති නූතන රහස් ඡන්ද විමසීම් 10 සැලකීමේ දී සාමාන්‍යයෙන් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා දින තුනක් ගතව ඇති අතර ඊට ඡන්ද විමසීම් 7ක් ඇතුළත්ව ඇති බව ද වාර්තා වනවා.




78 Views
74 Views
80 Views
106 Views
74 Views
158 Views
190 Views
91 Views
95 Views
87 Views
92 Views
131 Views
116 Views
134 Views
95 Views
87 Views
80 Views