දෙවැනි දිනටත් දුම් කවුළුවෙන් කළු දුමාරයක්..
Thursday, 08 May 2025 - 16:40 | Views - 133
ලොව පුරා වෙසෙන සුවහසක් ජනතාව මේ සුබ පණිවිඩය දැනගන්න ඉතාම යුහුසුළුව කටයුතු ක‍රනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද දෙවැනි දිනටත් ඇසුණු කතාව පිළිබඳවයි..

ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා..

එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි..

එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්..

මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වුණා..

ඒ අනුව ඊයේ (07) වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා..

ඒ නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක් ඔවුන් මුළුමනින්ම ලෝකයාගෙන් වෙන් කරනු ලබන්නේ ඔවුන්ගේ ඡන්දයට බාහිර ලෝකයෙන් කිසිදු බලපෑමක් නොවීමටයි..

ඒ අනුව තවමත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත්කරගෙන නොමැති බව තහවුරු වනවා..

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, පාප් වහන්සේ තෝරන රහසිගත ඡන්දයට ඉදිරිපත් වූ කිසිදු කාදිනල්වරයෙකු අවශ්‍ය ඡන්ද 89 ලබාගෙන නොමැති බවයි..
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top