"නුබ නැතිදාක මේ ජිවන මග යන්න.. මට සවි නොමැත ඔබ මා ගිය පසු යන්න.." මෙදා ඇයට මෙහෙම පැතුමක් එක්කරන්න වෙයි කියලා මැණික් කවදාවත් හිතන්නේ නැතුව ඇති..
Thursday, 08 May 2025 - 16:35 | Views - 119
සමහර මතක  අදටත් ඇගේ හිත පාරවනවා ඇති..

ඒත් මේ ගමන ඔහු නැතුව ඇය කෙසේ හෝ යා යුතු වග මැණික් මේ වෙද්දී හොඳිනම දන්නා කාරණයක්..

මැණික් ලංකා රාජිනී, ඇය බොහෝ දෙනා හඳුනාගන්නේ ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ විදිහටයි..

වසන්තගේ සමුගැනීමත් එක්ක ඒ දෙන්නාගේ ජීවිතයට ඈඳුණු විවිධ සංවේදී සිදුවීම් මැණික් ඇගේ මුහුණුපොතට එක්කරන්නේ ඇගේ හිතේ ඇති දුක තුනී කරගන්න එයත් එක හේතුව වේවි යැයි සිතා වෙන්න ඇති.. ඉතින් පසුගිය දවසක ඒ දිනය යෙදිලා තිබුණා..

කොහොම නම් අමතක කරන්නද ඔහුගේ 65 වැනි උපන්දිනය යෙදිලා තිබුණු ඒ දවස.. මැණික් අන්න ඒ දවස ගැන මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

"අද ඔයාගේ 56 වැනි උපන් දිනය
අවසන් හුස්ම වැටෙනා මතු යම් දිනෙක..
අයදිමි වරම් මා හට ඉක්මන් වන්න..
නුබ නැතිදාක මේ ජිවන මග
යන්න…
මට සවි නොමැත ඔබ මා ගිය
පසු යන්න…
හැම අවුරුද්දෙම හරියටම මැයි මාසේ පස් වෙනිදා (05/05)
ලබන කොටම ඔයාගේ උපන් දිනයට
ප්‍රථමයෙන් සුබ පතන්නේ මම.අප්‍රමාන වේදනාවේන් අද ඔයාට
අමා මහා නිවන් සුව ලැබේවා යැයි පතන්නට වේ යැයි ඔබ හට මට කලින් කෙදිනකවත්
නොපැතු වේ.."

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top