2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..
අද පෙරවරු 7 ට ආරම්භ වූ පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 04 ට අවසන් වුණා.
පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් සභිකයින් 8287 දෙනෙකු තෝරාපත්කර ගැනීම සදහා මෙවර ඡන්ද විමසීම සිදුකෙරුණා.
ඒ සදහා දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.
මහ නගරසභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වුණා.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස්හය දහස් තුන්සිය තිස් අටක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.
මේ අතර, දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිශතය සියයට 45ක ඉක්මවා ඇති බවයි තේරීම්භාර නිලධාරී තුෂාරී තෙන්නකෝන් සදහන් කළේ.