සුරාසැල් දින තුනකට වැසෙයි..
Monday, 05 May 2025 - 11:06 | Views - 496
 
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්නේ මැයි 12, 13, 14 යන දින තුනෙහි දිවයින පුරා ඇති සියලු සත්ත්ව ඝාතකාගාර හා සුපිරි වෙළෙඳසල්හි අලෙවි කුටි ද ඇතුළත්ව සියලු මස් මාංස අලෙවිසල් වසා තැබීම හා දිවයින පුරා සියලු සුරාසල් මත්පැන් අලෙවි ස්ථාන හා සමාජ ශාලා ද වසා තැබීමට පියවර ගත යුතු බව රජය නිවේදනය කරනවා.
 
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම නිමිත්තෙන් වෙසක් සතිය ප්‍රකාශයට පත්කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මේ බව දැනුම් දී තිබේ.
 
ඒ අනුව මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබේ.
 
මෙවර වෙසක් උලෙළේ තේමා පාඨය වන්නේ ‘භජේත මිත්‍තේ කල්‍යාණේ- බජේත පුරිසුත්තමේ’ (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන්නයි.
 
සම්බුදු තෙමඟුල සමරන 10 වැනි දින සිට 16 වැනි දින දක්වා වෙසක් සතිය තුළ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැඟිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් අපේක්ෂා කෙරේ. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top