සුරාසැල් දින තුනකට වැසෙයි..
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්නේ මැයි 12, 13, 14 යන දින තුනෙහි දිවයින පුරා ඇති සියලු සත්ත්ව ඝාතකාගාර හා සුපිරි වෙළෙඳසල්හි අලෙවි කුටි ද ඇතුළත්ව සියලු මස් මාංස අලෙවිසල් වසා තැබීම හා දිවයින පුරා සියලු සුරාසල් මත්පැන් අලෙවි ස්ථාන හා සමාජ ශාලා ද වසා තැබීමට පියවර ගත යුතු බව රජය නිවේදනය කරනවා.
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම නිමිත්තෙන් වෙසක් සතිය ප්‍රකාශයට පත්කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙවර වෙසක් උලෙළේ තේමා පාඨය වන්නේ ‘භජේත මිත්තේ කල්‍යාණේ- බජේත පුරිසුත්තමේ’ (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන්නයි.
සම්බුදු තෙමඟුල සමරන 10 වැනි දින සිට 16 වැනි දින දක්වා වෙසක් සතිය තුළ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැඟිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් අපේක්ෂා කෙරේ.