IPL ඉතිහාසයේ පිට පිට හයේ පහරවල් 6ක්, Riyan Paragගෙන් වාර්තාවක්..
IPL ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී පිට පිට හයේ පහරවල් 6ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට Riyan Parag සමත් වුණා.
ඒ ඊයේ (04) IPL තරගයේ රාජස්ථාන් රෝයල් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති 53වෙන තරගවාරය අතරතුරදීයි.
ඔහු පිට පිට 13වන පන්දුවාරයේදී 06 පහර 05ක් සහ 14වන පන්දුවාරයේදී එක් 06 පහරක් ගසමින් මෙම දක්ෂතාවය දැක්වුවා.