මංගල මුදුව අහිමිව ගිය තානාපතිනිය..
Thursday, 01 May 2025 - 9:19 | Views - 200
 
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නිවසේ තිබූ තානාපතිනියගේ මංගල මුදුව ඇතුළු රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා භාණ්ඩ හා දේපළ සොරකම් කළ පුවතක් වාර්තා වෙනවා.. මේ සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

මෙම සොරකම පසුගිය මස 12 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේදී සිදුව ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් වෙනවා..

තමන් පසුගිය 12 වැනිදා ස්විට්සර්ලන්තය බලා පිටව ගිය බවත් පසුගිය 27 වැනිදා යළි පැමිණි බවත් ඇය සඳහන් කර තිබෙනවා...

එලෙස යළි පැමිණි අවස්ථාවේදී තම නිල නිවසේ ඉහළ මාලයේ තිබූ දියමන්ති අල්ලන ලද රන් මුදුවක්, ටවර්මැටලින් ගලක් සහිත රන් මුදුවක්, රන් මංගල මුදුවක්, කුඩා කොළ පැහැති ගල් අල්ලන ලද රන් මුදුවක්, රන් මාලයක්, තරු හැඩති රූබි ගලක් අල්ලන ලද රන් පෙන්ඩනයක්, සුදු රත්‍තරන් බේස්ලට් එකක්, නිල් මැණික් ගල් අල්ලන ලද කරාබු යුගළයක් සහ ඔමේගා වර්ගයේ රන් ඔරලෝසුවක් මෙලෙස සොරකම් කරගෙන ගොස් ඇතැයි ඇයගේ පැමිණිල්ලේ සඳහන් වෙනවා.. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top