මංගල මුදුව අහිමිව ගිය තානාපතිනිය..
ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නිවසේ තිබූ තානාපතිනියගේ මංගල මුදුව ඇතුළු රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා භාණ්ඩ හා දේපළ සොරකම් කළ පුවතක් වාර්තා වෙනවා.. මේ සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..
මෙම සොරකම පසුගිය මස 12 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේදී සිදුව ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් වෙනවා..
තමන් පසුගිය 12 වැනිදා ස්විට්සර්ලන්තය බලා පිටව ගිය බවත් පසුගිය 27 වැනිදා යළි පැමිණි බවත් ඇය සඳහන් කර තිබෙනවා...
එලෙස යළි පැමිණි අවස්ථාවේදී තම නිල නිවසේ ඉහළ මාලයේ තිබූ දියමන්ති අල්ලන ලද රන් මුදුවක්, ටවර්මැටලින් ගලක් සහිත රන් මුදුවක්, රන් මංගල මුදුවක්, කුඩා කොළ පැහැති ගල් අල්ලන ලද රන් මුදුවක්, රන් මාලයක්, තරු හැඩති රූබි ගලක් අල්ලන ලද රන් පෙන්ඩනයක්, සුදු රත්තරන් බේස්ලට් එකක්, නිල් මැණික් ගල් අල්ලන ලද කරාබු යුගළයක් සහ ඔමේගා වර්ගයේ රන් ඔරලෝසුවක් මෙලෙස සොරකම් කරගෙන ගොස් ඇතැයි ඇයගේ පැමිණිල්ලේ සඳහන් වෙනවා..