ලෝක කම්කරු දිනය අදයි !
Thursday, 01 May 2025 - 7:03 | Views - 290
අද(01)ට ලෝක කම්කරු දිනය යෙදී තිබෙනවා. 
 
කම්කරු දිනය ආරම්භ වූයේ 1886 මැයි 04 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් 'හේමාකට් අරගලය' ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙනවා.
 
කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා උණුසුම් තත්ත්වයත් ඇතිවූවා.
 
එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබුවා.
 
එමෙන්ම වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
ඒ අනුව, ලන්ඩනයේ කම්කරුවෝ 1890 සිට මැයි දින සමරුව ආරම්භ කළා.
 
මේ අතර, ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට පළමු මැයි දින සැමරුම් රැළිය කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 1934 වසරේදීයි. 
 
රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරට පළමු මැයි රැළිය 1956 වසරේදී සමගි පෙරමුණු රජය යටතේ පැවැති අතර, ඉන් අනතුරුව එවක පැවති රජය, මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට පියවර ගත්තා. 
 
ඒ අනුව, අද 139 වැනි කම්කරු දිනයයි.
 
එදා කම්කරු සහ වෘත්තිය සමිතිවලට සීමා වූ ජාත්‍යන්තර මැයි දිනය, අද වනවිට දේශපාලන පක්ෂ විසින් ද සමරනු ලබනවා. 
 
එදා කම්කරු සහ වෘත්තිය සමිතිවලට සීමා වූ ජාත්‍යන්තර මැයි දිනය, අද වනවිට දේශපාලන පක්ෂ විසින් ද සමරනු ලබනවා.
 
ඒ නිමිත්තෙන් දේශපාලන පක්ෂ  මැයි දින රැළි සහ පෙළපාලි රැසක් අද සංවිධාන කර ඇති අතර, කොළඹ නගරයේ පමණක් ප්‍රධාන මැයි රැළි, පෙළපාලි , රැස්වීම් හා සැමරුම් ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතයි.
 
කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති සංවිධාන කරන ප්‍රධාන මැයි දින සැමරුම්, පෙළපාලි සහ රැළි හෙට පැවැත්වීමට නියමිතයි. 
 
රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැළිය යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
ගම දිනවන ගමනට කම්කරු බලය යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ නුවරඑළිය තලවාකැලේදීයි.
 
රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨයේදී පැවැත්වෙනවා.
 
බොරුව නවතා පොරොන්දු ඉටු කරනු යන්න තේමා කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ඩාර්ලි පාර පක්ෂ මූලස්ථානයේදීයි.
 
IMF මර උගුලට , ඉන්දියානු විජිතකරණයට එරෙහි එළිය බලයක් යන්න තේමා කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
 
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ කොළඹ හයිඩ් පිටියේදීයි.
 
මේ අතර මැයි දිනය පැවැත්වීමට කොළඹ හයිඩ් පිටිය වෙන් කිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ද හටගෙන තිබෙනවා.
 
ඒ, පක්ෂ 2කම හයිඩ් පිටිය වෙන් කිරීම හේතුවෙන්.
 
කොළඹ මහ නගර සභාව අදාළ ක්‍රීඩාංගණය පක්ෂ 2 සඳහාම ලබා දී ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.
 
කෙසේ වෙතත් මුලින් ක්‍රීඩාංගණය වෙන් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මැයි දින රැළිය පැවැත්වීම සඳහා එය ලබාදීමට තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා.
 
මේ අතර, මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය රථ වාහන ගමනාගමනය වෙනුවෙන් පොලිසිය මේ වන විටත් සැලසුම් කොට තිබෙනවා.
 
ඒ අනුව කොළඹින් පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇති බව සඳහන්.
 
ඒ සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මුලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී තිබෙන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top