'iPhone' මාදිලි කිහිපයක WhatsApp නැතිවෙයි..
'iPhone' මාදිලි කිහිපයක WhatsApp යෙදවුම ක්‍රියාත්මක නොවන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව, මැයි මාසයේ සිට iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක නොවනු ඇති.
iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇති බවයි සඳහන් වෙන්නේ.
WhatsApp සමාගම විසින් මෑතකදී යෙදුමේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වා දී ඇති අතර එම විශේෂාංග කිහිපය පහතින් දැක්වේ.
Enhanced Privacy Layer - මිතුරන් හෝ කණ්ඩායම්වල සිටින අයෙකුට ඔබේ පණිවිඩ, රූප, වීඩියෝ පිටපත් කිරීමට සීමා කරයි
Chat Lock - තනි සංවාද සඳහා Face ID, මුරපදය හෝ ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාව තහවුරු කෙරේ
Disappearing Messages - යම් කාලයකින් පසුව ස්වයංක්‍රීයව මකාදැමෙන පණිවිඩ සඳහා වැඩි නිවැරදිතාව
Silence Unknown Callers - නොදන්නා අංකවලින් පැමිනෙන ඇමතුම් නවතයි, අනවශ්‍ය ඇමතුම් හා වංචාකාරී කතා අවම කරයි.