අපේක්ෂකයින් 33ක් අත්අඩංගුවට..
පළාත් පාලන ඡන්ද විමසිමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම සැකකරුවන් පසුගිය මාර්තු 3 වන දින සිට අද උදෑසන දක්වා වූ කාලය තුළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එසේම අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 349 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වවනියාව - පූන්තෝට්ටම් ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට තිබූ ඡන්ද කාඩ් පත් වෙළඳසැල් හිමියෙකු හරහා බෙදා හැරීමට කටයුතු කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
එමෙන්ම අදාළ වෙළඳසැලේ හිමියා ද ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වව්නියාව පොලිසිය කියා සිටියේ.