වේගය ඔහුගේ ජීවිතය උදුරාගත්තාද..? තරුණයෙකු ගැන ඇසෙන තවත් ඛේදනීය පුවතක් මෙන්න..
Friday, 25 April 2025 - 12:51 | Views - 243
 ඔහුගේ ඉරණම මේ විදිහට විසඳේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..

මේ කතාව ඇසෙන්නේ දොඩංගොඩ ප්‍රදේශයෙන්..

කළුතර, දොඩංගොඩ, කොස්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා සවස සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාර්ග රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා තිබුණා.. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි දොඩංගොඩ පොලිසිය පැවසුවේ..

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම, හොරවල පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්..

කළුතර සිට මහරගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන එම සුඛෝපභෝගී බස් රථයට කොස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදිය වෙනත් වාහනයක් පසුකර යෑමේදී ගැටී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසනවා..

අනතුර සිදුවන ආකාරය එම සුඛෝපභෝගී බස් රථයේ වීඩියෝ කැමරාවේ සටහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top