අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක්..
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු සිදු කරන 2025 අප්‍රේල් මස 26 දින ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන පළාත් හා පළාත් සභා පාලන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.