නැවත දැනුම් දෙන තුරු, සිරි දළඳා වන්දනාවට පැමිණීමෙන් වළකින්න - මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්
Thursday, 24 April 2025 - 10:52 | Views - 380
 
නැවත දැනුම් දෙන තුරු, ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා  මහනුවරට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
 
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස පොලිසියද ජනතාවට දැනුම්දුන්නා. 
 
ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් පොලිසිය කියා සිටියේ අද දිනයේ ඉඩ ප්‍රස්ථාවක් තිබුණහොත් මාධ්‍ය හරහා දැනුවත් කර නැවත දළදා වන්දනාවට සැදැහැවතුන් එක්කර ගන්නා බවයි.
 
 මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවයි මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ.
 
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top