පෙබරවාරි 9 වැනිදා විදුලිය බිඳ වැටීමට හේතු හෙළිවෙයි..
සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්ථායිතාව අඩුවීම පසුගිය පෙබරවාරි මස 9 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව, ඒ පිළිබදව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව ප්රකාශ කළා.
එම විද්වත් කමිටුවේ වාර්තාව විදුලිබල මණ්ඩලය වෙත ලබාදෙමිනුයි මෙම හේතු දැක්වීම කර ඇත්තේ.
එම වාර්තාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් බලාගත හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.