ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට පොලිසියට අවසර..
පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
හිස් වැසුම් පැළඳ සිටීම අවශ්‍යවනුයේ යතුරු පැදියක ගමන් කරන අවස්ථාවන්හිදීවන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් බව සඳහන්,
ඒ අනුව, එබැවින් යම් පුද්ගලයෙකු යතුරු පැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධරයන් සඳහා උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.