''සිරි දළදා වන්දනාව'' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.
පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කලේ.
මීට අමතරව අද දින දළදා වන්දනාවට නොපැමිණෙන ලෙසද පොලිසිය ඊයේ දිනයේ මහජනතාව දැනුවත් කළා.