"සිරි දළදා වන්දනාව" 06වැනි දිනය අදයි...
අදත් සිරි දළදා වන්දනාව පෙරවරු 11ට ආරම්භ වූ අතර මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව සදහන්.
පොලිසිය පැවසුවේ, සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පස්වරු 6 වනවිට 80,000කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බැවින් අද එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බවයි.
එබැවින් අද දිනය මඟහැර ඉදිරි දිනකදී පැමිණීම තුළින් අපහසුතාවකින් තොරව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම් දෙනවා.
තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” පැවැත්වෙන අතර එළෙඹෙන 27 වනදා එය අවසන් වීමට නියමිතයි.