දැඩි උෂ්ණත්වය, කඩින්කඩ වැස්ස රෝග රැසකට අත වනන ලකුණු..
Tuesday, 22 April 2025 - 12:09 | Views - 320
 
මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය සහ කඩින්කඩ ඇති වන වැසි සෞඛ්‍යය තත්ත්වයට අයහපත් බලපෑම් ඇති කළ හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.
 
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල අධික හිරු රශ්මියත් සමග පවතින දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙස හෙතෙම සඳහන් කළා. 
 
විශේෂයෙන්ම එළිමහනේ රැකියා කටයුතුවල සහ ක්‍රීඩා කටයුතුවල නිරත වන පිරිස මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. 
 
මේ දිනවල බොහෝ ප්‍රදේශවල අලුත් අවුරුදු උත්සව පැවැත්වෙන බැවින් තරග ඉසව් සෙවණ ඇති ස්ථානයක පැවැත්වීමට සංවිධායකවරුන් වගබලාගතයුතු බව පැවැසූ ඒ මහතා කියා සිටියේ හිරු එළියට වැඩි වේලාවක් නිරාවරණය වීම හේතුවෙන් විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රමාණවත් තරම් පිරිසුදු ජලය හෝ කිසියම් දියර වර්ගයක් පානය කිරීම වැදගත් බවයි.
 
එමෙන්ම මේ දිනවලදී ඇතැම් ප්‍රදේශවලට කඩින්කඩ ඇති වන වැසි ද සෞඛ්‍යයට එතරම් යෝග්‍ය නොවන අතර මේ හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකුන්ගුන්යා රෝගය ද පැතිර යන බවට හඳුනා ගෙන තිබීමද විශේෂයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top