සිරි දළදා වන්දනාව වෙනුවෙන් එක්ව සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විජලනය වළක්වා ගැනීම සඳහා ජලය පානය කිරීම, නිවසින් රැගෙන ආ පිසූ ආහාර හැකි සැම විටම ආහාරයට ගැනීම, දිනපතා ඖෂධ ගන්නා අයකු නම් එම මාත්‍රාව නියමිත වේලාවට ලබා ගැනීම සහ වැඩිපුර ඖෂධ ළඟ තබා ගත යුතු බවයි එම උපදෙස් වල දැක්වෙන්නේ.
මීට අමතරව දිගු කාලීන රෝගවලින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ළඟ තබා ගන්නා ලෙස දැනුම් දෙනවා.
එසේම සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිලධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගත යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.