අකුණුවලින් ප්‍රවේශම් වෙන්න.. කාලගුණයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්..
අද සවස් කාලයේදීත් ඔබ කාලගුණය ගැන වඩා සැලකිලිමත්වන එක වටිනවා.. මේ කියන්න යන්නේ කාලගුණය ගැන ඇසෙන තවත් එක් කතාවක්..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා..
ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, සහ උතුරු මැද පළාතත් එමෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය වලංගුවනු ඇති..
ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ..
අද (21) දහවල් 12.30ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වනු ඇතියි..